2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 342,000ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගය – පළමු අදියර

මේ වන විට අතරමග නවතා ඇති අධිවේගී මාර්ග අතරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

එම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150ක් වෙන් කරන බව ජනාධිපති, මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක පැවසීය.